උපත් පාලනයට ගොදුරු වූ අපේ අනාගතය


මම ලියන ලද ලිපියකට උරන වූ අයෙක් මට බැන වැදුනි. ඊට මම පිළිතුරක් දුන් නමුත් මෙයට වෙනම ලිපියක් ලිවිය යුතුයැයි මට සිතුන නිසාය. මෙම ලිපිය සෑම සිංහලයෙකුම කියවිය යුතුය.

එහෙත් මෙම ලිපියෙන් කියන දේ සිංහලයාට පමණක් නොව ලොව බොහෝ රටවල සත්‍ය එරෙහිව අස්වාභාවික ජීවන රටාවලට පුරුදු වූ ජනකොටස් වලට සාධාරනය. ප්‍රථම වරට ඇමරිකාවේ සුදු දරු උපත් ප්‍රමානය ඉක්මවා සුලුවාර්ගිකයන්ගේ දරු උපත් 2011 වසරේදී වැඩි වී ඇත. බොහෝ බටහිර රටවල ජනගහනය ඍන වී ඇත. රුසියාව මුස්ලිම් රටක් වේදැයි රුසියාවේ ඇතැමුන් බිය වෙද්දී බ්‍රිතාන්‍ය සංඛ්‍යා ලේඛන විද්වතුන් පවසන්නේ බ්‍රිතාන්‍ය යේ පාසල්වල ළමුන්ගෙන් විශාල ප්‍රතිශතයක් ඉංග්‍රීසිය දෙවන බස ලෙස කථා කරන බවයි. ජර්මනිය ප්‍රංශය යන රටවල තත්වයද මීට සමානය. මේ රටවල ජනයා පවුල් වටිනාකම් පසෙක දමා ඊනියා අධිසුඵෝඛබෝගී ජීවන රටාවකට හුරුවී ඇත, කාන්තාවන් ළමයි හදන්න හොර වී ඇත. මෙලෙස බොහෝ රටවල ජනගහනය අඩුවීමේ ගැටලුවක් ඇත.

අපේ රටේ තත්වය කෙබදුද අපේ රටේ බටහිර මෙන් මේ තරම් සමීක්ෂන නොකෙරේ. එබැවින් කුඩා දරුවන් ගේ ජන වර්ග ප්‍රතිශත හෝ වඩිහිටියන්ගේ ජනවර්ග ප්‍රතිශත ගැන වැටහීමක් නැත. අපට ඇසට පෙනෙන දේ අනුව සිංහල බෞද්ධයා වයස්ගත වන බවත් සුලුජාතීන් තරුණ වන බවත් පෙනේ. මෙහිදී සුලුජාතීන්ට චෝදනා කිරීම වැරදිය. අප නිසිකලට විවාහ නොවුනා කියා හෝ දරුවන් හදන්නට අකමැතිවුනා කියා උන් පලි නැත. අපට පෙනෙන යථාර්ථය ගැන අදහසක් දෙන්නම්. මේ අපේ පවුල ආශ්‍රිත දත්තය. අපේ එක් පාර්ශ්වයක සීයාට දරුවන් 12 ක් සිටියේය. එම දරුවන් 12 නාට දරුවන් සිටින්නේ දෙදෙනා හෝ ඊට අඩුවෙනි, සාමාන්‍ය 2 ට අඩුය. ඒ අයගේ දරුවන් සංඛ්‍යාව 19 කි. මේ අයගෙන් ඇතමෙකු වයස 40 වනතුරුත් විවාහ වී නැත. මෙම සියවසේ දෙවැනි දශකයේ උපන් තැනැත්තාට මුණුබුරන් 21කි. දෙමුණුබුරන් 6 ක්ද සිටී, මේ වසර 100කිනි.

මේ තත්වය තරමක්වත් හොදය අපේ අප්පච්චිගේ පවුලේ දරුවන් 9 දෙනෙකි. ඔහුගේ පියාද ගිය සියවස දෙවැනි දශකයේ උපන්නෙකි. එම දරුවන් 9 දෙනාට දරුවන් සිටින්නේ 11 කි සමහරු අවිවාහකය. දෙමුණුබුරන් 3 කි. අම්මාගේ පවුලේ 5 දෙනා ඊලඟ පරම්පරාවේ 11 ක් වී ඊලඟ පරම්පරාවේ 15 ක් වී ඇත. මේ මම හොදින් දන්නා පෞද්ගලික දත්තවේ. විවාහ වලින් සම්බන්ධ වූ පවුල් වලද අවිවාහකයන් සැලකිය යුතු තරම් ය. මෙම දත්ත දෙස බලන විට උපත් පාලනයට හසු වූ පරම්පරාවේ දරු සංඛ්‍යාවකට සමාන දරුවන් ප්‍රමානයක් ඔවුන්ගේ දරුවන්ටද ඇත.

ඒ කියන්නේ උපත් පාලනයට ගොදුරු වූ පරම්පරාවේ දරුවන් 10 දෙනා 10ක්, 15ක් අතර ගනනක් හදයි. ඔවුන් මෙසේ හදන්නේ තවත් 10 දෙනෙක් සමගය. ඒ නිසා වැඩිවීමක් සිදු නොවේ. 20 ක් හැදුවත් තත්වය එසේය. අවීවාහකත්වය හා මියයාම් නිසා මෙය තවත් අඩුවේ 1940, 1950, 1960 දශකවල ඊනියා සැලසුම් නොකළ පවුල්වල සිටි දරුවන් මියයන්නට පටන් ගත් විට ජනගහනය දැනට වඩා අඩුවන්නට පටන්ගනු ඇත. එනම් දැන් පීක් එකට පැමිණ ඇති ජනගහනය ඉන් පසු කඩා වැටේ. එවිට ජන කොටස් වල ප්‍රතිශත පැහැදිලිව වෙනස් වනු ඇත. තවත් දෙයක් නම් 1980 දශකයේ උපත් පාලන ප්‍රචාර තදින් කළ වකවානුවේ දරුවන් සෑදූ පවුල් 20 කටම ඇත්තේ එක් දරුවා බැගිනි. මේ සියල්ලෝම 1980 දශකයේ උපන් අයයි. අපේ ගමෙන් ඇතැම් වාසගම් තුරන් වීමේ අවදානමක්ද ඇත. උපත්පාලන වැඩසටහන් හා කාන්තාවිමුක්තිවාදය ඇතිවුනේ 1980 දශකයේය.

මේ ව්‍යාපාරවල ඉහල තනතුරු දරමින් ඒවා මෙහෙයවූවේ කතෝලික හෝ ක්‍රිස්තියානි අය බවද නිරීක්ෂනය කළ හැකි විය. මට එය කෙසේ වුනාදැයි නොතේරේ.

ලෝක විනාශයට ඇමරිකාවේ පසු බැසීම හේතුවක් වෙයිද?


අපේ සීයලා ආච්චිලාගේ ළමා කාලයත් අපේ අම්මලා තාත්තලාගේ ළමා කාලයත් අතර එතරම් වෙනස්කම් ලෝකයේ සිදු නොවීය. අපේ අම්මලා තාත්තලාගේ ළමා කාලයත් අපේ ළමා කාලයත් අතරද එසේමය.එහෙත් අපේ ළමා කාලයේ අපේ දරුවන්ගේ ළමා කාලයත් අතර පුදුමාකාර වෙනස්කම් සිදුවී ඇත. මෙහිදී තාක්ෂනය ගැන කතා නොකරමි.

අප කුඩා කාලයේ සමාජ අධ්‍යනයට ඉගෙන ගත්තේ ලෝකයේ ධ්‍රැව දෙකක බල තුලනයක් ගැනය.ඒ වන විටද තරුණැයන් අතර වාමාංශික නායකයන් පිළිබද වීරත්වයක් විය.ඇමරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක් තිබුනද සත්‍ය වශයෙන්ම පැවතියේ මීට වසර200 කට පමන පෙර සිට ආ ඇන්ග්ලෝ සැක්සන් ආධිපත්‍යයයි. ඊට ජර්මනිය හා රුසියාව අභියෝග කළා පමනි.

ආර්ථිකය අතින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉතා බලවත්ව සිටි අතර පාරිසරික ගැටලු ගැන කතාවක් නොවූ තරම්ය.ජපානය යම් දිනක ඇමරිකාව ඉක්මවා යනු ඇතැයි  ඇතමෙක් කීවද එය අපහසු ඉලක්කයක් බව පැහැදිලිව පෙනුනි. මැද පෙරදිග පුහු වීරයන් ඇමරිකාව සමග කටින් යුද්ධ කළ අතර රුසියාව ප්‍රමුඛ සමාජවාදී කදවුර ආර්ථික වශයෙන් දුබලව අවි ආයුධ අතින් ප්‍රබලව තිබිණි. මෙය හැමදාම ගෙන යා නොහැක. සමාජවාදී කදවුර දැන් චීනය කරන්නාක් මෙන් දේශපාලන ක්‍රමය එලෙසම තබා ආර්ථිකය විවෘත කළානම් තත්වය මීට වඩා වෙනස් වනු ඇත.

එහෙත් එසේ නොවීය.එහි ප්‍රථිඵලය බටහිර බලවත් වීමයි.එහෙත් ඒ ටික කලකටය.චීනය ඇමරිකාවෙන් අර්ධයක් වන තරමට දල ජාතික නිෂ්පාදනය ඉහල නංවා ඇත. මිළදී ගැනීමේ හැකියාව අතින් 2016 දී පමන ඇමරිකාව ඉක්මවා යනු ඇත. ඒ සමගම තව දුරටත් ලෝක ආර්ථික බලවතා නොවන ඇමරිකාව පෙර මෙන් ධ්‍රැව දෙකක බල තුලනයක එක් පාර්ශ්වයක් වීඇත. ඇමරිකාවට සමගාමීව එහි බටහිර මිත්‍රයන්ගේ ආර්ථිකයන්ද පිරිහෙමින් පවතී. 2012 දී බ්‍රසීලය  6 වන ආර්ථිකය වෙමින් බ්‍රිතාන්‍ය 7 වැනි තැනට තල්ලු කර ඇත. 2013 දී බ්‍රසීලය 5 වැනි තැනට යන්නේ ප්‍රංශය පසුකර යමිනි.ස්පාඥ්ඥය  වසරින් වසර පසුපසට යයි. මෙක්සිකෝව දකුණු කොරියාව, සවුදි අරාබිය ඕස්ට්‍රේලියාව, තුර්කිය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය වැනිරටවල් ඉදිරියට එද්දී පෘතුගාලය ග්‍රීසිය ඇතුලු සියලුම බටහිර රටවල් වේගයෙන් පසුපසට යයි.දැනටමත් බටහිර රටවල් වල මුලු  ධනයට වඩා වෙනත් රටවල ධනය වැඩිය.

අද ලෝක ආර්ථිකය දෙස බලන විට එය උපරිමයකට එනම් පීක් එකට ලගා වෙමින් ඇති බව පෙනේ.තවත් වසර කිහිපයකින් ම්මේ තත්වය උදා වනු ඇත.සංවර්ධනයේ උපරිම සීමාව කරා ලගා වන අතර මේ තත්වය ලෝක වාසීන්ට අලුත්ම අත්දැකීමකි.සියවස් ගනනක බටහිර ආධිපත්‍ය අවසන් වෙමින් පවතී. සීතල යුද්ධ කාලයේ මෙන් නොව දැන් පැහැදිලි ධ්‍රැවීකරනයක් වී  ඇත.ඇමරි ඉන්දියානු පාර්ශ්වය එක් පසෙකටත් චීන රුසියා පාර්ශ්වය තවත් පසෙකටත් තල්ලු වී ඇත. මේ තත්වය සිදු වෙද්දී තවත් විශේෂ දෙයක් නම් ස්වාභාවික සම්පත් ද උපරිමයට ලගා වීමයි. පොසිල ඉන්ධන මත තව දුරටත් යැපීමට නොහැක. එසේම ස්වාභාවික විපත් නිසා සිදුවන ආර්ථික හානිය වැඩිය. මේවා ගනන් බලන විට සැබෑ ලෝක ආර්ථික වර්ධනය මිථ්‍යාවක් විය හැක.

බටහිර ශ්‍රම බලකාය වේගයෙන් හැකිලීම තවත් විශේෂ පැත්තකි.ඇමරිකාවේ සුද්දන් 60% පමන දක්වා පල්ලම් බැස ඇත. බටහිර රටවල ජනගහනය ඍන මට්ටමේය.වැඩිමහල්ලන් වැඩිවීම නිසා විශාල යැපෙන්නන් ප්‍රමානයක් නඩත්තු  කිරීමට සිදු වේ. බටහිර රටවල මිල දී ගැනීමේ හැකියාව අඩු වීම නිසා සමස්ත ලෝකයේම ආර්ථිකය පිරිහීමට සිදුවේ.

තම පරිහානිය ඇමරිකාව ඇතුලු බටහිර කෙසේ දරා ගනීවිද.ඔවුන් ලෝක යුද්ධයකට ගොස් මේ ගමන කෙලවර කරාවිද මෙය කාලය විසදිය යුතු ප්‍රශ්න වේ. වැනි මරාගෙන මරෙන විකල්පයකට ඇමරිකාව  යාමේ ඉඩක්ද පවතී

දුක සහ සතුට

මිනිසාට ඇති විශාලම ප්‍රශ්නය කුමක්දැයි ඇසුවොත්  විවිධ පිළිතුරු ලැබෙන්නට පුලුවන. එහෙත් ඊට දිය හැකි නියම පිළිතුර නම දුක බවයි. දුකෙන් මිදෙන ආකාරය ගැන විශාල හැදෑරීමක් කර අගනා විසදුමක් දුන්හ. විශ්වයේ ඇති අනිත්‍ය ස්වභාවය නිසා දුකද සැප යනු මායාවක් බවත් මේ නිසා ලෞකික සැප සොයා නොගොස් සත්‍යාවබෝධය ලබාගත යුතු. මෙහිදී විශ්වයේ අනිත්‍ය බව නිසා සැප යනු මායාවක්ය යන අදහස නිවැරදි වන අතර ඊට ප්‍රතිවිරුද්ධ ලක්ෂනය වන දුකද මායාවක් බව අපට අවබෝධ වේ.

අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු විශ්වයේ යථාර්ථයන් වේ. වෙනස්වන සුළු බව නිසා  නිත්‍ය වූ ආත්මයක්  හෝ සැපක්  දුකක් නැතිබව  මෙහිදී ඉගැන්වේ. මේ තත්වය  තේරුම් ගන්නා බුදුනුවාට දුක හා සැප මායාවක් බව තේරුම් ගෙන මානසික සහනය ලබා ගත හැක. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල විනාශවනබව සාරාංශ ලෙස දැක්විය හැක. නිර්මානවාදී ආගම් අදහන අයට සියල්ල දෙවියන්ගේ කැමැත්ත මත සිදුවන බව තේරුම් ගෙන ඊට අනුගත වීමෙන් සිතේ සහනය ලබා ගත හැක. ඇත්තෙන්ම අපේ සිතේ බරක් තබා ගන්නේ එහි වගකීම අප දරන බැවිනි. මෙබදු පැවරීමකින් අප්‍රමාන මානසික සහනයක් ලැබේ. විශ්ව ක්‍රියාකාරකම් අධිභෞතික දෙයකට පැවරීමත් ඉන් පිහිට පැතීමත් අරමුණු ඉටුවූවිට ස්තුති කිරීමත් ඉතා වටිනා මනෝවිද්‍යාත්මක ක්‍රම වේද වේ.

මේ සියල්ලෙන්ම සිදුවන්නේ මමත්වය නැති කිරීමයි. මමත්වය නැති කරගත් විට අප්‍රමාන මානසික සහනයක් ලැබේ. නිසි ලෙස හිසට රුධිරය ගලා එයි. සිසිලසක් දැනේ. දුක නැතිකර ගනීම සදහා මානසික ව්‍යායාම කිහිපයක් දැක්වීමට කැමැත්තෙමි කිසිම දෙයක් ගැන නොසිතා මද වේලාවක් සිටින්න මෙය පහසු නැත. ඔබගේ මනස අරක් ගෙන සිටින සිතිවිලි මතුවෙන්නට පටන් ගනී.ඒවා ඉවසීමෙන් (ආයාසයෙන් නොවේ) යටපත් කල යුතුය. මෙය ක්‍රමයෙන් පුරුදු පුහුණු කළ යුතුය. මෙය පහසු නැත.

මෙය පුරුදු වූ පසු කිසිම දුකක් හෝ සැපක් නොදැනී යයි. මනස තෘප්තියෙන් පිරී යයි සිරුර සැහැල්ලු කර ගන්න. එසේ සැහැල්ලු කරගෙන මම සතුටින් සිටිමි යැයි සෙමෙන් සිතින් මුමුනන්න. මෙය ක්‍රමයෙන් යටිසිතට ගමන් කරයි ප්‍රථිඵලය පර පරිදිමය. සිරුර පහසු ඉරියව්වක තබා ගෙන ඔබ කලින් සතුටු වුන මොහොතක් ආවර්ජනය කරන්න. එහිම ගැලී ඉන්න. ඔබ සතුටින් සිටින ආකාරය ගැන චිත්ත රූප මවන්න
මෙසේ චිත්ත රූප මැවීම ගැන විස්තරාත්මකව පසුව කියා දෙමි.