පුරුෂයා පවුලේ ප්‍රධානියාය.ගැහැනිය පිරිමියාට යත් විය යුතුය යන්න සම්ප්‍රදායික ආකල්පයයි.ඊට අදාල වන පරිදි ආප්තෝපදේශ,උපමාරූපක කියුම් ආදිය නිර්මානය වී ඇත.උදාහරනයකට ගතහොත් ගෑනු ලමයෙක් වුනහම හොද්දට හොද්දට ලුනු ඇඹුල් දාන හැටි දැන සිටිය යුතුය යන්න පැරනි කියමනකි.මේ කියමන මොඩ් වී ඇති ආකාරය බලන්න.පිරිමියෙකුට හොදට උයන්න පුලුවන්නම් එයාව කසාද බැද ගන්න යැයි වර්තමානයේ කියමනක් නිර්මානය වී ඇති අතර එය උගත් කාන්තාවන් අතර ජනප්‍රිය වී ඇත.
එසේම මම දන්නා බොහෝ පිරිමි උදේට නැගිට උයන පිහන වැඩ කරති.මීට වසර දහයකට පමන පෙර මා සේවය කළ ස්ථානයේ සිටී ගෑනියෙක් බත් මුල ලෙහා බැලුවේ අද මොනවද දන්නෙ නෑ උයල තියෙන්නෙ කියමිනි.සියල්ලෝම මූනෙන් මූන බලා ගත්හ.එහෙත් අද එය සිදු විනි නම් කිසිවෙක් පුදුම නොවෙති.තම සැමියා උදෙන් නැගිට උයන බව බොහෝ තරුණ ගෑනු ප්‍රසිද්ධියේ කියන අතර පිරිමිද එය තමන්ට කරන අවමානයක් ලෙස නොසිතති.
ඉහත කී පිරිමි හොද පිරිමින් ලෙස හැදින්වීමේ මෝස්තරයක් ඇත.අහවලා හොද පිරිමියෙක්දැයි කෙනෙක් ඇසුවොත් එහි අදහස ගෑනිට කීකරු යහපත් සැමියෙක් බවය.
පිරිමි ලමුන් අතර ඉවුම් පිහුම් ගැන උනන්දුවක් ඇති වී ඇත්තේ අනාගත භාර්යාවන්ගේ සිත දිනා ගැනීමටය.
ගෙදර ඇවිත් ගෑනිට හිරිහැර කරන පිරිමි සිටිති.මේ ගැන මා ඇසූ අපූරු කතාවක් නම් තමන්ගෙ මිනිහාගෙන් ගුටියක් කෑවම ඇති වැරැද්ද මොකක්ද යැයි ගෑනියෙක් කියනවා ඇසීමයි.ඇත්තෙන්ම තමන්ගේ මිනිහා තමන්ට ගහනවාට සමහර ගෑනු කැමතිය.මේ ඇත්ත තත්වයයි.එහෙත් ඊට කැමති ගැනු මෙන්ම එබදු පිරිමිද සිටිති.තමන්ගෙ ගෑනිගෙන් ගුටියක් කන එක පිරිමියෙකුට අවනම්බුවක්ද නොවේ.එඩිතර උඩුරැවුල වැවූ මැර මොඩලයේ පිරිමින්ට කැමති ගෑනු මෙන්ම එවැනි චන්ඩි ගෑනුන්ට කැමති පිරිමිද සිටිති. මෙසේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා සියුම්ව විමසා බැලිය යුතුය.එසේ නැතිව එය එක් රාමුවකට කොටු කර විග්‍රහ කිරීම වැරදිය.
No comments:
Post a Comment