ලාංකිකයින්ට කුතුහලය ගැන දෙන ගස් වර්ග දෙකක් ඇත. එකක් නම් ලිස්සන ගහයි. අවුරුදු
උත්සව කාලයට මෙහි නැග තමන් දේශපාලකයන් පසුපස ගොස් සිදුවූ දේ රඟ
දක්වති. මීටත් වඩා ආතල් දෙන ගහ නම් එල්ලුම් ගහයි. මෙය නැරබීම සදහා පෝලිම්
තිබූ බව රජය කියයි. ඇත්ත නැත්ත නොදනිමු. පෝලිම් තිබුනානම් ඊට හේතුව
කුතුහලයයි. එසේම එල්ලා මරන හැටි ප්‍රදර්ශනය කරන ලදී.එහෙත් මේ නියම එල්ලා
මැරීමක් ප්‍රදර්ශනය කිරීමක්ද? නැත.එල්ලා මැරීමේ කාර්යයේ වැදගත්ම කොටස නම්
සිරකරු පෝරකය වෙත කැදවා ගන ඒමයි.එය හරකෙක් මරන්නට ඇදගන ඒමට සමානය.
මෙසේ ඇදගන
එන්නේ තමන් අසවල් දින මරන බව දන්නා එම නිසාම සියක් වාරයක් මැරි මැරි
උපදින මිනිසෙකි.ඔහු ප්‍රකෘති මානසික තත්වයෙන්ද නොසිටී.එසේම සාමාන්‍යයෙන්
මෙසේ කැදවා ගන ඒමට පෙර සිරකරුවා බාගෙට මරන බව ලංකාදීප පුවත්පතේ පිස්කල්
වරයෙකු සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා ඇත.එසේ බාගෙට මරන්නේ සිරකරු
බාගෙට මැරී නොසිටින්නේනම් විය හැක.එල්ලුම් ගහට විරුද්ධ අය තර්ක කරන්නේ
එල්ලුම් ගහ ක්‍රියාත්මක කළත් අපරාධ අඩු නොවන බවයි. ඒ කතාව මට නම් පිළිගන්න
බැරිය.එල්ලා මරන හැටි වීඩියෝ කර රූපවාහිනියේ පෙන්වුවොත් කිසිම කෙනෙක්
අපරාධයක් කරන්නට හීනෙකින්වත් නොසිතන බැවිනි.එය මිනීමැරුමකට වඩා වෙනස් වන්නේ
එහි රංගනය වැඩි බැවිනි.මරනය නිතර සිහි ගැන්වෙන ක්‍රියාකාරකම් බහුලය.එහි ගොඩනැගිලි සැකැස්ම පවා ඒ ආකාරයෙන් සකසා ඇත.නියම එල්ලා මැරීමක් ලාංකිකයන් දුටුවේ සදාම් හුසේන් එල්ලා මැරීමය. එහිදීද දැකගැනීමට ලැබුනේ සංස්කරනය කළ දර්ශනය.එල්ලා මැරීමකදී සිරකරු විනාඩි දහයක් වත් දගලයි. අසූචි,ශුක්‍රානු,මුත්‍රා පහවේ.දිව එලියට එයි,ඇස් ගෙඩි එලියට එයි. මුහුණට ලේ පිරීමෙන් රත් පැහැ ගැන්වී යකෙක් මෙන් දිස් වේ. මේ තොරතුරු අප දන්නේ අන්තර්ජාලයෙන් සහ පත්තරවල ජේලර්වරු,පිස්කල්වරු තම රසබර අත්දැකීම් පත්තරවලින් එලි දකවනවිටය.
සැබෑ එල්ලා මැරීම් ගැන පත්තරවල පලවීමෙන් එහි බියකරු බව සමාජගත කිරීම හොදය.එහෙත් මේ සමීක්ෂන වාර්තා නම් පිළිගන්න බැරි බව නොකියාම බැරිය.අනික් අතට මෙම ප්‍රදර්ශනයේදී එල්ලා මැරීමක් දකින අයකු සිතන්නේ එය ටොපි හදන මැෂිමක් ලෙසය.අප්‍රානික එල්ලා පහලට දමයි.නියමාඅකාරයෙන් මෙය ප්‍රදර්ශනය කිරීමට නම් රෝල් ප්ලේ එකක් කළ යුතුය.මර ලතෝනි දෙමින් ඇදගන එන සිරකරු එල්ලූ විට අසූචි, ශුක්‍රානු,මුත්‍රා පෙරාගන දිව දික්වී ඇස් ගෙඩි එලියටවිත් යකෙක් මෙන් කඹයක පැද්දෙන හැටි දගලන හැටි පෙන්විය යුතුය. එසේ පෙන්වුවහොත් ඇත්තටම අපරාධ අඩුවේ.නමුත් සමීක්ෂනවල ඊට සහාය පළ කරන පිරිස අඩුවිය හැක. 80% ක් 90% ක් කැමති බව කියන වාර්තානම් වැරදිය.බොරු වාර්තා ඉදිරිපත් කරන විට මීට වඩා බුද්ධිමත් විය යුතුය.60%ක් හෝ65%ක් ලෙස සමීක්ෂන වාර්තාව එලි දැක්වූවානම් අපිත් සමහරවිට ඇත්ත කියා හිතන්නට ඉඩ තිබුනි.
No comments:
Post a Comment