මාධ්‍ය මාෆියාව ලෝක විනාශය කල් දමයි

මායාවරුන් විසින් ප්‍රකාශයට පත් කළ කැලැන්ඩරයක් ගැන මහා හා හෝවක් අසන්නට ලැබුනි.මේ ගැන චිතපටද එලි දැක්විනි.මීට සමගාමීව ලෝක විනාශයෙන් බේරීම්ට බන්කරද සාදාගත් අතර සමාගම් වලට ලාභ ලැබුනි.මේ ලාභ ලබාගත් පසු දැන් මාධ්‍ය මාෆියාව කියන්නේ ලෝක විනාශය සිදුවෙන්නේ  නැතිලු, මීට පෙර කුරුලු උනක් ගැන මෙබදුම ප්‍රචාරයක් ගෙන ගොස් ඖෂධ සමාගම් විශාල ලාභයක් ලැබූ පසු ඒ ගැන ප්‍රචාර නවතා ලීය.විශබීජාය්ක් ගැන ප්‍රචාරයක් මතකදී ගෙන ඒමට දැරූ තැත නම් නිශ්ඵල විය.එය සාර්ථක වුනානම් කෝටි 700ක් බේත්  ගත්තානම් මාධ්‍ය මාෆියාව ඇතුලු බහුජාතික සමාගම් වලට මොන තරම් ලාභයක් අත් වේවිද?

මාධ්‍ය මාෆියාව ලෝක විනාශය අවුරුදු 7000 කින් කල් දැමීමට ඉක්මන් වී ඇත.ඇත්තටම ලෝක විනාශයක් සිදුවේවිද? අප මේ කරුන විද්‍යාත්මකව විමසා බලමු.අවුරුදු 500ක් පමන ලෝකය පාලනය කළ බටහිර ශිෂ්ඨාචාරය අර්බුදයකට මුහුණ දී ඇත.2011 දී බ්‍රසීලය 6 වැනී ආර්ථිකය බවට පත් වුනේ බ්‍රිතාන්‍ය පරදවමිනි.ප්‍රංශය පරදවමින් බ්‍රසීලය ලෝකයේ 5 වන ආර්ථිකය වීමට ඉඩ ඇත.යුරෝපීය රටවල්කෙමෙන් පල්ලම් බසිද්දී ආසියානු හා ලතින් ඇමෙරිකානු රටවල් ඉදිරියට එයි.

යුරෝපා ආර්ථිකය රදා පවතින්නේ ජර්මනිය ,ප්‍රංශය හා බ්‍රිතාන්‍ය  ආර්ථිකවල ශක්තිය මතය.ඒක පුද්ගල ආදායම වැඩි වුනත් අනෙක් යුරෝපා රටවල් කුඩා ආර්ථික වලට හිමිකම් කියයි.2016 වසරේදී ඇමෙරිකාව ඉක්මවා මිලදී ගැනීමේ හැකියාව අතින් චීනය අංක 1 ආර්ථිකය බවට පත් වෙයි.ජී.ඩී,පී නොමිනල් එකෙන්  චීනය තව දශක එක හමාරකින් පමන අංක 1 ආර්ථිකය වන්නේ බටහිර ලෝකාධිපත්‍ය අවසන් කරමිනි.

 බටහිර ලෝකය විශාල අර්බුදයකට යාම ලෝක යුද්ධයකින් අවසන් විය හැක.අද ග්‍රීසියේ ඇති අර්බුදය යුරෝපය පුරා පැතිරීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමනි.

එහෙත් අද ඇතිවන ලෝක යුද්ධයක් මානව සංහතියේම අවසානය සනිටුහන් වනු ඇත. ඉදිරියේදී ඉස්ලාමීය රටවල් එක් ධජයක් යටතේ එක්සත් වීමත්,රුසියාව හා චීනය එක මතයක පිහිටා කටයුතු කිරීමත්ලතින් ඇමෙරිකාවද එක් ධජයක් යටතේ එක්සත් වීමත් ඉදිරියේදී දැකිය හැක.කුඩා රටවල් යම් යම් කදවුරු වලට ගාල් වනු ඇත.ඉන්දියාව හා ඇමෙරිකාව ලෝකාධිපත්‍ය වෙනුවෙන් අඹ යහලුවන් වනු ඇත.

තාක්ශනය පැත්තෙන් ඩිජිටල් සම්බන්ධතා ජාලයක් ගොඩ නැගී සියලු මානව සබදතා අභියෝගයට ලක් වනු ඇත.එසේම පාරිසරික විපත් ඉහල යනු ඇත.එය විශාලම සමාජ ප්‍රශ්නය වනු ඇත.ඇතැම් විට ලෝක ආන්ඩුවක් බිහිවීමටද ඉඩ ඇත.මහා පරිමාන ලෝක විනාශයක් නම් ලෝක යුද්ධයක් හැරෙන්නට වෙනත් හේතුවක් නිසා සිදු විය නොහැක.සුනාමි භූමිකම්පා හෝ නියග වලින් කළ හැක්කේ සමස්ත මානව වර්ගයාට නොසැලකිය හැකි තරම් කුඩා බලපෑමකි.කෙසේ නමුත් ජනගහනය නම් ඉදිරියේදී දැනටත් වඩා අඩුවනු ඇත.

No comments:

Post a Comment