ජ්‍යෝතිෂ මිථ්‍යාව

මිනිස් සමාජය කෙරෙහි බලපෑම් කිරීම සම්බන්ධයෙන් ජ්‍යෝතිශය හා සමාන මිථ්‍යාවක් නැත. ජ්‍යෝතිෂයේ පදනම හා එය මෙතෙක් කල් රැකී ඇත්තේ මන්ද යන්න විමසා බලමු. මම නම් සිතන්නේ මෙහි රහස ජ්‍යෝතිශයේ ඇති ව්‍යාජ විද්‍යාත්මක භාවයයි. ගනන් හිලව් තිබීමයි. ගනිතමය ක්‍රමයකින් ලග්න ස්ඵුට හා භාව ස්ඵුට සෑදිය යුතු වීමයි. ජ්‍යෝතිශයේ අනෙක් වසනා ගුනය නම් ද්විතියික තර්ක ගොඩ නැගීමයි. ඒ මෙසේයි. යමෙක් උපන් මොහොතේ අහසේ තිබූ ග්‍රහ පිහිටීම මත පුද්ගලයාගේ සියලු ඉරනම තීරනය වෙනවාලු. වැඩේ වැරදුනු විට දමන ද්විතියික තර්ක යක් නම් ඔය කේන්දරේ දල කේන්දරේනෙ භාව කේන්දරෙදි භාවයන් අංශක ගනනින් හරියටම පිහිටුවනවා කියාය. ඒකත් මාට්ටු වන විට තව කතා තිබේ. ඉන් එකක් නම් ක්‍රිශ්නමූර්ති ක්‍රමය වඩා හරි බවයි. ඒකත් මාට්ටු වුනොත් සූර්ය හා චන්ද්‍ර කේන්ද්‍ර වඩා නිවැරදියි කිව හැක. ඒකත් මාට්ටු වුනොත් තත්කාලය අනුව ගෝචර ග්‍රහ පිහිටීම මගින් පලාපල කිව යුතු බව කිව හැක. ඒකත් මාට්ටු වුනොත් විංශෝත්තරී දශා ක්‍රමය මත  පලාපල කිව යුතුයැයි කිව හැක.

මෙවැනි ක්‍රම 16 ක් ඇත.එහෙත් ඉන්දියාවේ සිය ගනනක් ඇත.ලංකාවේ ජනතාව රැවටීම සදහා මෙය ප්‍රමානවත් බව පුරාන  ඍෂිවරු සිතන්නට ඇත.මාටු වාන් විට තව තව හේතු ඇති බැවින් ජ්‍යෝතිශය ගැන තර්ක කරන්නා නිමක් නැති බොරු වැලෙන් වෙහෙසට පත් වේ. ජ්‍යෝතිශයේ ප්‍රබලම ශක්තිය එයයි. සිය ගනනක් මෙවැනි හේතු ඇතිවිට බොරු ටික ඔපමට්ටම් කර ඉදිරිපත් කළ හැක අප වාහනයකින් යනවිට වංගුවකදී ලයිට් කනුවල ආලෝකය පෙනෙන්නේ එකම තැනක ඇති ලෙසය.එහෙත් කිට්ටු වන විට ඒවා ඈතින් ඇති බව පෙනේ.කිලෝමීටර් කෝටි ගනනක් ඇති  ග්‍රහ තාරකා ගැන කවර කතාද.
ඇතැම් තාරකා දැන් එම ස්ථානවල නැතිවා විය හැක. දුර ප්‍රමානය  වැඩි නිසා ඒවා විනාශ වුනත් ඒවාගෙන් එන ආලෝකය තවම පැමිනේ. එබැවින් ආකාශය  ගැන කේන්දරකරුවන්ගේ මතය වැරදිය. මම කෙන්දර ඍෂිවරුන්ගෙන් එක් ප්‍රශ්නයක් අසන්නම්. එකම මොහොතක උපන් දෙදෙනෙකුගේ ඉරනම සමානද? නිවුන් දරුවන්ගේ ජීවිතයේ සිදුවීම් එකම ආකාරයට සිදුවේද? එසේ නොවේනම්  ඊට ද්විතියික තර්ක ලෙස කර්මය ගෙන හැර නොදක්වන්න. එකක් බිදෙන කොට තව එකක් ලෙසින් බිත්තර කටු කෙලකෝටියක් ඇති ජ්‍යෝතිශය කපටින්ගේ හිතසුව පිනිසත් මෝඩයන්ගේ අවැඩ පිනිසත් ඇති ශාස්ත්‍රයකි.
එකම මොහොතේ එකම ඉරනමට මුහුන දෙන  අයගේ ග්‍රහ පිහිටීම් එක සමානද? සුනාමි හෝ පරමානු බෝම්බ පිපිරීම් වලින් එකම මොහොතේ මිනිසුන් මියයති. මේ ප්‍රශ්නය ක්‍රිශ්නමූර්තිගෙන් ඇසූ විට ඔහු දුන් මුග්ධ මරිමෝඩ උත්තරය නම් ඔවුන් මියගියේ ඉතා සුළු කාල පරතරයන් ඇතිව බවයි. එම බෝම්බ ප්‍රහාරයෙන් ඍජුව ඉලක්ක වූ තන එකම මොහොතේ මිනිසුන් වාෂ්ප විය. අනෙක් අතට කාල ප්‍රාන්තර තිබුනත් අංශක ගනන් වල වෙනසක් මත පලාපල වෙනස් වීම් ජ්‍යෝතිශයේ නැත. කේන්දර කරුවන්ගේ බොරු බේගල් යටිහිතට කාවද්දා ගැනීමෙන් විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මිනිසුන් මුහුන දුන් විට අන්න අපි කිව්ව ඇත්ත නේදැයි කෙන්දරකරුවෝ අසති. ලංකාවේ හැම මැතිවරනයක්ම පවත්වන්නේ කේන්දරකරුවන්ගේ වෙලාවලටය. එහෙත් ආන්ඩු පැරදී ඇත. සුනාමිය වැනි දේවල් ගැන කීමට මුන්ට බැරි නමුත් ප්‍රධාන අපේෂකයන් දෙදෙනෙක් ඉදිරිපත්වන චන්දෙකදි අනාවැකි පලකල හැක. ඒවා 50% ක් හරි යයි. මම කලක් මුන්ගේ අනාවැකි සහිත පුවත්පත් වාර්තා ප්‍රවේසම් කර තබා ගතිමි. ඒවා 100%ක පමන වැරදී ඇත්තේ කල්තබා බොරු අනුමාන කිරීමේ හැකියාව මුන්ට නැති බැවිනි. එහෙත් පොදු ජනතාවට මේවා මතක නැත. එබැවින් යලි යලි රැවටෙති.

1 comment:

  1. මා ජ්යෝතිර්වේදියෙකු නොවෙමි.මා දිවයින පත්‍රයට ලිවූ ජ්‍යෝතිෂයේ ගණිතමය හා විද්‍යාත්මක විවරණය නමැති ලිපි පෙළ කියවා බලන්න. මෙහි එක ලිපියක් ජ්‍යෝතිෂය පචයක්ද යනුවෙන් ඇත. එය කියවා බලන්න.
    චිත්රාන් මොරකන්දෙ ගමගේ

    ReplyDelete