අන්තනෝමතික ඒකාධිපති රජවරු

කිසිම විද්‍යුත් මාධ්‍යක කිසිම විදෙස් විත්ති විචාරයක් නැත. ජාතික රූපවාහිනියේ සිව්දෙස විදෙස් විත්ති යනුවෙන් කතාව පටන්ගත් බැවින් ඒ ගැනම සිත යොමු කරමු. සිව්දෙසෙහි ප්‍රධාන වරද නම් එහි අධානග්‍රාහී බවයි. එනම් එය ඇමරිකන් විරෝධීය. මුබාරක්ට, ගඩාෆිට, අසාද්ට පක්ෂය. එහෙත් ඇත්තනම් ඊජිප්තුවේ, ලිබියාවේ, සිරියාවේ ආන්ඩු අතිශයින්ම අන්තනෝමතික පවුල් පලනයන් බවයි. මැතිවරන නොපවත්වන බැවින් කිසිදු පාලනයක් නැත. විපක්ෂයක් නැත. ලිබියාවේ ගඩාෆි අයත් ගෝත්‍රය එරට ඉතා සුලු කන්ඩායමකි. ඔහුට ශක්තියක් වුනේ මුවෆල්ලා, සහ බානි වාලි යන සංඛ්‍යාත්මකව වැඩි ගෝත්‍රවල හයියයි. වෙන ගෝත්‍රිකයකුට රජයේ රැකියා නැත. පෞද්ගලික අංශයද හමුදා ලොක්කන්ගේ  යටතේය. හමුදාවල බහුතරයද හිතවත් ගෝත්‍රිකයන්ය. රහස් පොලීසි හැමතැනය. කුරිරුකම වචනවලින් විස්තරකළ නොහැකි තරම්ය. කටු කන බල්ලන්ගේ පීඩනයට කරන්නට  දෙයක් නැත. මාධ්‍ය නැත. අඩුම තරමින් ලංකාවේ මෙන් මාධ්‍යමාෆියාවක් වත් නැත. ගම් මට්ටමේ හෙන්චයියෝ බිම් මට්ටමේ රජවරුය, සර්වබලදාරීහුය.

ගඩාෆි ගැන අපූරු කතාවක් කළේ ඊජිප්තුවේ හිටපු ජනාධිපති අන්වර් සදාත්ය. ගඩාෆි 100% කම මානසික රෝගියෙක් බවයි. ගඩාෆිගේ මනසේ ඇති විකාර ස්වභාවය විචිත්‍රවත් වන්නේ ඔහුගේ කන්‍යා හමුදාවෙන්ය. ඔහු කොන්ඩොලිසා රයිස්ට පෙම් හසුන් ලිව්වේය. ඔයා අරාබි නාය්කයන්ට අණ දෙනව දකිනකොට මට ආතල් අනේ  ගඩාෆි ලිව්වේය. ගඩාෆි තම දරුවන් අධ්‍යාපනයට යැව්වේ බටහිර රටවලටය. සර්කෝසි වැනි නායකයන්ට චන්ද කරන්නට සල්ලි දුන්නේය. අල් කයිඩාව මර්ධනයට ලිබියාවේ බටහිර අනුග්‍රහයෙන් වධ කදවුරුද විවෘත කළේය. ගඩාෆිට යන එනමං නැතිවුනේ  මේ මූනු දෙකේ වැඩ නිසාය.

සිරියාවේ තත්වය මීට වෙනස්ය. සිරියාවේ සුලුතර අලවයිට් වරු බහුතර සුන්නි මුස්ලිමුන් වසර 50 ක් පමන කාලයක සිට පාලනය කරයි. මීට සමාන තත්වයක් ඉරාකයේද තිබුනි. ඒ සුලුතර සුන්නින් බෞතර ශියාවරු පාලනය කිරීමයි. සදාම් සුන්නි වරයෙකි. බහරේනයේ සුන්නි රජපවුල ශියා ජනතාව පාලනය කිරීම තවත් අසාධාරනයකි  එහෙත් ලංකාවේ මාධ්‍ය මෙය සම්පූර්නයෙන්ම බටහිර මාධ්‍ය වල සෙල්ලමකට ඌනනය කරයි. බටහිර මාධ්‍ය බොර දියේ මාලු බාන බව ඇත්තකි. ඔවුන්ගේ රූප රාමු පවා වැරදිය. බටහිර මාධ්‍යවල පොදු ප්‍රතිපත්තිය නම් බටහිර නිවැරදි බව සලකා අන් සියල්ල අවඥාවට ලක් කිරීමයි. ඒ සදහා බොරු පුවත් නිර්මානය කරයි. බී.බී.සී.  සී.එන්.එන්. කටාරයේ බටහිට සබදතා ඇති අල් ජසීරා  මේ රැල්ලේ මාද්‍යයි. තොරතුරුවල බේසික් එක ගැනීමට අපද මේවා භාවිතා කරමු.   ඒ පමන දැනය.

එහෙත් එපමනකින් මේ අන්තනෝමතික ඒකාධිපතියන් හා උන්ගේ අපරාධ සධාරණීකරනය කිරීමට බැරිය.

No comments:

Post a Comment