බෞද්ධ දර්ශනය සිද්ධාර්ථ ගෞතමයන් විසින්
හදුන්වාදුන් අනගි දර්ශනයකි. එතුමන් සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි අපරදිගුන් මෙන්ම ඉන්දියාවේ සිටි දහසක් දාර්ශනිකයන් සේම මහරු දර්ශනයක් හදුන්වා දුනි. එහෙත් ඒ කිසිවකට නොවූ ඇබැද්දියකට බුදු දර්ශනයට
මුහුන දීමට සිදු විය.
එනම් දර්ශනය
ආගමක් කිරීමයි. මෙයින් ආගමකට අවශ්‍ය බොහෝ දේවල් පිටින්
ගැනීමට සිදු විය.
මේවා හින්දු
දහමින් ණයට ගන්නා ලදී. හින්දු දහමද පුරාන ගෝත්‍රික ඇදහිලි හා විවිධ දර්ශනයන් මිශ්‍ර කර
තනා ගන්නා ලද්දකි. දෙවිවරුන්ට දීර්ඝ ඉතිහාසයක් ඇත. එය ප්‍රාග් ආර්ය යුග දක්වා දිවේ. එහෙත් සූත්‍ර වල මූලය ආර්ය ආක්‍රමනයි. වේදය මෙහිලා මූලිකය.
දර්ශන මිශ්‍රකර
මෙම හත්මාලුව තනා ඇත.එහෙත් බුදු දහම මුලුමනින්ම දර්ශනයකි. තමන් වහන්සේගේ සසුන අනාගතයේ වැදුම් පිදුම් කරන සමාජ සංස්ථාවක් වනු ඇතැයි උන් වහන්සේ කිසි විටෙක නොසිතූ බව නිසැකය. උන් වහන්සේගේ විනය නීති භික්ෂූන් ඉලක්ක කර පැනවීමෙන් එය පෙනේ. එකල සිටි රජවරු උන්වහන්සේ ඇසුරු කලත් කිසිදු දේශපාලන උනන්දුවක් නොපෙන්වූහ. මෙම රජවරු නිඝන්ටයන්ගේ පොත්වල නාත පුත්ත නිගන්ට ගේ අනුගාමිකයන් සේ සැලකේ. බෞද්ධ පොත්වල ඔවුන් තෙරුවන් සරන ගිය උපාසකයන්ය. මම නම් සිතන්නේ ඔය රජවරු වර්තමාන දේශපාලකයන් මෙන් ජනතාව රොද බැද ගන්නා පූජකස්ථාන වලට යන්නට ඇත. කැමරා පමනි අඩුවට තිබෙන්නට ඇත්තේ. කොසොල් රජු කැරලි කරුවන් 400 දෙනෙකුගේ හිස් ගසා දමා කෙලින්ම ආවේ ජේතවනාරාමයටයි. තමන් වහන්සේ වැඩ සිටි ආරාමය අසලම සිටියේ මස් ව්‍යාපාරිකයේ උන්වහන්සේට අවශ්‍ය නම් නිතර තමන් බැහැදැකීමට එන රජවරු සිටුවරු මගින් පහසුවෙන් එය වසා දමන්නට තිබුණි. උන් වහන්සේ එය නොකළහ.
පැහැදිලිව පේන්නේ බුදුන් වහන්සේ තම අදහස් පවසා තමන්ගේ පාඩුවේ සිටි බවයි සෝවාන් වූ උපාසකයන් එසේ වී ඇත්තේ දහ අසා බව පෙනේ. මෙතැන ඇති වචන පටලැවිල්ල තේරුම් ගනිමු. සෝවාන් වීම යනු පැහැදීමයි, අනාගාමී, සකෘදාගාමී වීම යමු අවබෝධයයි. රහත් යනු පූර්න අවබෝධයයි. මෙය එකල සමාජයේ පොදු ව්‍යවහාරයයි. ඉතා නූගත් අය පවා බන පදයක් ඇසූ පමනින් සෝවාන් වී ඇත. එහෙත් අද උගත් හාමුදුරුවන්ට මේ තරම් පහසුකම් තිබියදීත් අඩු තරමින් සෝවාන් වීමට වත් බැරි වී ඇත්තේ ඇයි.
" මෙතැන ඇති වචන පටලැවිල්ල තේරුම් ගනිමු. සෝවාන් වීම යනු පැහැදීමයි, අනාගාමී, සකෘදාගාමී වීම යමු අවබෝධයයි. රහත් යනු පූර්න අවබෝධයයි. මෙය එකල සමාජයේ පොදු ව්‍යවහාරයයි."
ReplyDeleteහිහි පිස්සු නැත්නම් ශෝක් හිතලුව!