මිනිසාට ඇති
විශාලම ප්‍රශ්නය කුමක්දැයි ඇසුවොත් විවිධ පිළිතුරු ලැබෙන්නට පුලුවන. එහෙත් ඊට දිය හැකි නියම පිළිතුර නම දුක බවයි.
දුකෙන් මිදෙන
ආකාරය ගැන විශාල හැදෑරීමක් කර
අගනා විසදුමක් දුන්හ. විශ්වයේ ඇති අනිත්‍ය ස්වභාවය නිසා දුකද සැප යනු මායාවක් බවත් මේ නිසා ලෞකික සැප සොයා නොගොස් සත්‍යාවබෝධය ලබාගත යුතුය. මෙහිදී විශ්වයේ අනිත්‍ය බව නිසා සැප යනු මායාවක්ය යන අදහස නිවැරදි වන අතර ඊට ප්‍රතිවිරුද්ධ ලක්ෂනය වන දුකද මායාවක් බව අපට අවබෝධ වේ.
අනිත්‍ය දුක්ඛ
අනාත්ම යන තිලකුණු විශ්වයේ යථාර්ථයන් වේ.
වෙනස්වන සුළු
බව නිසා නිත්‍ය වූ ආත්මයක් හෝ සැපක් දුකක් නැතිබව මෙහිදී ඉගැන්වේ. මේ තත්වය තේරුම් ගන්නා
බුදුනුවාට දුක හා සැප මායාවක් බව තේරුම් ගෙන මානසික සහනය ලබා ගත හැක. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල
විනාශවනබව සාරාංශ ලෙස දැක්විය හැක. නිර්මානවාදී ආගම් අදහන අයට සියල්ල දෙවියන්ගේ කැමැත්ත මත සිදුවන බව තේරුම් ගෙන ඊට අනුගත වීමෙන් සිතේ සහනය
ලබා ගත හැක. ඇත්තෙන්ම අපේ සිතේ බරක් තබා ගන්නේ එහි වගකීම අප දරන බැවිනි.
මෙබදු පැවරීමකින්
අප්‍රමාන මානසික සහනයක් ලැබේ. විශ්ව ක්‍රියාකාරකම් අධිභෞතික දෙයකට පැවරීමත් ඉන් පිහිට පැතීමත් අරමුණු ඉටුවූවිට ස්තුති
කිරීමත් ඉතා වටිනා මනෝවිද්‍යාත්මක ක්‍රම වේද වේ.මේ සියල්ලෙන්ම සිදුවන්නේ මමත්වය නැති කිරීමයි. මමත්වය නැති කරගත් විට අප්‍රමාන මානසික සහනයක් ලැබේ. නිසි ලෙස හිසට රුධිරය ගලා එයි. සිසිලසක් දැනේ. දුක නැතිකර ගනීම සදහා මානසික ව්‍යායාම කිහිපයක් දැක්වීමට කැමැත්තෙමි කිසිම දෙයක් ගැන නොසිතා මද වේලාවක් සිටින්න මෙය පහසු නැත. ඔබගේ මනස අරක් ගෙන සිටින සිතිවිලි මතුවෙන්නට පටන් ගනී.ඒවා ඉවසීමෙන් (ආයාසයෙන් නොවේ) යටපත් කල යුතුය. මෙය ක්‍රමයෙන් පුරුදු පුහුණු කළ යුතුය. මෙය පහසු නැත.
මෙය පුරුදු වූ පසු කිසිම දුකක් හෝ සැපක් නොදැනී යයි. මනස තෘප්තියෙන් පිරී යයි සිරුර සැහැල්ලු කර ගන්න. එසේ සැහැල්ලු කරගෙන මම සතුටින් සිටිමි යැයි සෙමෙන් සිතින් මුමුනන්න. මෙය ක්‍රමයෙන් යටිසිතට ගමන් කරයි ප්‍රථිඵලය පර පරිදිමය. සිරුර පහසු ඉරියව්වක තබා ගෙන ඔබ කලින් සතුටු වුන මොහොතක් ආවර්ජනය කරන්න. එහිම ගැලී ඉන්න. ඔබ සතුටින් සිටින ආකාරය ගැන චිත්ත රූප මවන්න
මෙසේ චිත්ත රූප මැවීම ගැන විස්තරාත්මකව පසුව කියා දෙමි.
No comments:
Post a Comment