අපේ සීයලා ආච්චිලාගේ ළමා කාලයත් අපේ අම්මලා තාත්තලාගේ ළමා කාලයත් අතර එතරම් වෙනස්කම් ලෝකයේ සිදු නොවීය. අපේ අම්මලා තාත්තලාගේ ළමා කාලයත් අපේ ළමා කාලයත් අතරද එසේමය.එහෙත් අපේ ළමා කාලයේ අපේ දරුවන්ගේ ළමා
කාලයත් අතර පුදුමාකාර වෙනස්කම් සිදුවී ඇත. මෙහිදී තාක්ෂනය ගැන කතා නොකරමි.
අප කුඩා කාලයේ සමාජ අධ්‍යනයට ඉගෙන ගත්තේ ලෝකයේ ධ්‍රැව දෙකක
බල තුලනයක් ගැනය.ඒ වන විටද තරුණැයන් අතර වාමාංශික
නායකයන් පිළිබද වීරත්වයක් විය.ඇමරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක් තිබුනද සත්‍ය වශයෙන්ම පැවතියේ මීට වසර200 කට පමන පෙර සිට ආ ඇන්ග්ලෝ සැක්සන් ආධිපත්‍යයයි. ඊට ජර්මනිය හා රුසියාව අභියෝග
කළා පමනි.
ආර්ථිකය අතින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉතා බලවත්ව සිටි අතර පාරිසරික ගැටලු ගැන කතාවක් නොවූ තරම්ය.ජපානය යම් දිනක ඇමරිකාව ඉක්මවා යනු ඇතැයි ඇතමෙක් කීවද එය අපහසු ඉලක්කයක් බව පැහැදිලිව පෙනුනි. මැද පෙරදිග පුහු වීරයන් ඇමරිකාව සමග කටින් යුද්ධ කළ අතර රුසියාව ප්‍රමුඛ සමාජවාදී කදවුර ආර්ථික වශයෙන් දුබලව අවි ආයුධ අතින් ප්‍රබලව තිබිණි. මෙය හැමදාම ගෙන යා නොහැක. සමාජවාදී කදවුර දැන් චීනය කරන්නාක් මෙන් දේශපාලන ක්‍රමය එලෙසම තබා ආර්ථිකය විවෘත කළානම් තත්වය මීට වඩා වෙනස් වනු ඇත.
එහෙත් එසේ නොවීය.එහි ප්‍රථිඵලය බටහිර බලවත් වීමයි.එහෙත් ඒ ටික කලකටය.චීනය ඇමරිකාවෙන් අර්ධයක් වන තරමට දල ජාතික නිෂ්පාදනය ඉහල නංවා ඇත. මිළදී ගැනීමේ හැකියාව අතින් 2016 දී පමන ඇමරිකාව ඉක්මවා යනු ඇත. ඒ සමගම තව දුරටත් ලෝක ආර්ථික බලවතා නොවන ඇමරිකාව පෙර මෙන් ධ්‍රැව දෙකක බල තුලනයක එක් පාර්ශ්වයක් වීඇත. ඇමරිකාවට සමගාමීව එහි බටහිර මිත්‍රයන්ගේ ආර්ථිකයන්ද පිරිහෙමින් පවතී. 2012 දී බ්‍රසීලය 6 වන ආර්ථිකය වෙමින් බ්‍රිතාන්‍ය 7 වැනි තැනට තල්ලු කර ඇත. 2013 දී බ්‍රසීලය 5 වැනි තැනට යන්නේ ප්‍රංශය පසුකර යමිනි.ස්පාඥ්ඥය වසරින් වසර පසුපසට යයි. මෙක්සිකෝව දකුණු කොරියාව, සවුදි අරාබිය ඕස්ට්‍රේලියාව, තුර්කිය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය වැනිරටවල් ඉදිරියට එද්දී පෘතුගාලය ග්‍රීසිය ඇතුලු සියලුම බටහිර රටවල් වේගයෙන් පසුපසට යයි.දැනටමත් බටහිර රටවල් වල මුලු ධනයට වඩා වෙනත් රටවල ධනය වැඩිය.
අද ලෝක ආර්ථිකය දෙස බලන විට එය උපරිමයකට එනම් පීක් එකට ලගා වෙමින් ඇති බව පෙනේ.තවත් වසර කිහිපයකින් ම්මේ තත්වය උදා වනු ඇත.සංවර්ධනයේ උපරිම සීමාව කරා ලගා වන අතර මේ තත්වය ලෝක වාසීන්ට අලුත්ම අත්දැකීමකි.සියවස් ගනනක බටහිර ආධිපත්‍ය අවසන් වෙමින් පවතී. සීතල යුද්ධ කාලයේ මෙන් නොව දැන් පැහැදිලි ධ්‍රැවීකරනයක් වී ඇත.ඇමරි ඉන්දියානු පාර්ශ්වය එක් පසෙකටත් චීන රුසියා පාර්ශ්වය තවත් පසෙකටත් තල්ලු වී ඇත. මේ තත්වය සිදු වෙද්දී තවත් විශේෂ දෙයක් නම් ස්වාභාවික සම්පත් ද උපරිමයට ලගා වීමයි. පොසිල ඉන්ධන මත තව දුරටත් යැපීමට නොහැක. එසේම ස්වාභාවික විපත් නිසා සිදුවන ආර්ථික හානිය වැඩිය. මේවා ගනන් බලන විට සැබෑ ලෝක ආර්ථික වර්ධනය මිථ්‍යාවක් විය හැක.
බටහිර ශ්‍රම බලකාය වේගයෙන් හැකිලීම තවත් විශේෂ පැත්තකි.ඇමරිකාවේ සුද්දන් 60% පමන දක්වා පල්ලම් බැස ඇත. බටහිර රටවල ජනගහනය ඍන මට්ටමේය.වැඩිමහල්ලන් වැඩිවීම නිසා විශාල යැපෙන්නන් ප්‍රමානයක් නඩත්තු කිරීමට සිදු වේ. බටහිර රටවල මිල දී ගැනීමේ හැකියාව අඩු වීම නිසා සමස්ත ලෝකයේම ආර්ථිකය පිරිහීමට සිදුවේ.
තම පරිහානිය ඇමරිකාව ඇතුලු බටහිර කෙසේ දරා ගනීවිද.ඔවුන් ලෝක යුද්ධයකට ගොස් මේ ගමන කෙලවර කරාවිද මෙය කාලය විසදිය යුතු ප්‍රශ්න වේ. වැනි මරාගෙන මරෙන විකල්පයකට ඇමරිකාව යාමේ ඉඩක්ද පවතී

No comments:
Post a Comment