මම ලියන ලද ලිපියකට උරන වූ අයෙක් මට බැන වැදුනි. ඊට මම පිළිතුරක් දුන් නමුත් මෙයට වෙනම ලිපියක් ලිවිය යුතුයැයි මට සිතුන නිසාය. මෙම ලිපිය සෑම සිංහලයෙකුම කියවිය යුතුය.
එහෙත් මෙම ලිපියෙන් කියන දේ සිංහලයාට පමණක් නොව ලොව බොහෝ රටවල සත්‍යට එරෙහිව අස්වාභාවික ජීවන රටාවලට පුරුදු වූ ජනකොටස් වලට සාධාරනය. ප්‍රථම වරට ඇමරිකාවේ සුදු දරු උපත් ප්‍රමානය ඉක්මවා සුලුවාර්ගිකයන්ගේ දරු උපත් 2011 වසරේදී වැඩි වී ඇත. බොහෝ බටහිර රටවල ජනගහනය ඍන වී ඇත. රුසියාව මුස්ලිම් රටක් වේදැයි රුසියාවේ ඇතැමුන් බිය වෙද්දී බ්‍රිතාන්‍ය සංඛ්‍යා ලේඛන විද්වතුන් පවසන්නේ බ්‍රිතාන්‍ය යේ පාසල්වල ළමුන්ගෙන් විශාල ප්‍රතිශතයක් ඉංග්‍රීසිය දෙවන බස ලෙස කථා කරන බවයි. ජර්මනිය ප්‍රංශය යන රටවල තත්වයද මීට සමානය. මේ රටවල ජනයා පවුල් වටිනාකම් පසෙක දමා ඊනියා අධිසුඵෝඛබෝගී ජීවන රටාවකට හුරුවී ඇත, කාන්තාවන් ළමයි හදන්න හොර වී ඇත. මෙලෙස බොහෝ රටවල ජනගහනය අඩුවීමේ ගැටලුවක් ඇත.
අපේ රටේ තත්වය කෙබදුද අපේ රටේ බටහිර මෙන් මේ තරම් සමීක්ෂන නොකෙරේ. එබැවින් කුඩා දරුවන් ගේ ජන වර්ග ප්‍රතිශත හෝ වඩිහිටියන්ගේ ජනවර්ග ප්‍රතිශත ගැන වැටහීමක් නැත. අපට ඇසට පෙනෙන දේ අනුව සිංහල බෞද්ධයා වයස්ගත වන බවත් සුලුජාතීන් තරුණ වන බවත් පෙනේ. මෙහිදී සුලුජාතීන්ට චෝදනා කිරීම වැරදිය. අප නිසිකලට විවාහ නොවුනා කියා හෝ දරුවන් හදන්නට අකමැතිවුනා කියා උන් පලි නැත. අපට පෙනෙන යථාර්ථය ගැන අදහසක් දෙන්නම්. මේ අපේ පවුල ආශ්‍රිත දත්තය. අපේ එක් පාර්ශ්වයක සීයාට දරුවන් 12 ක් සිටියේය. එම දරුවන් 12 නාට දරුවන් සිටින්නේ දෙදෙනා හෝ ඊට අඩුවෙනි, සාමාන්‍ය 2 ට අඩුය. ඒ අයගේ දරුවන් සංඛ්‍යාව 19 කි. මේ අයගෙන් ඇතමෙකු වයස 40 වනතුරුත් විවාහ වී නැත. මෙම සියවසේ දෙවැනි දශකයේ උපන් තැනැත්තාට මුණුබුරන් 21කි. දෙමුණුබුරන් 6 ක්ද සිටී, මේ වසර 100කිනි.
මේ තත්වය තරමක්වත් හොදය අපේ අප්පච්චිගේ පවුලේ දරුවන් 9 දෙනෙකි. ඔහුගේ පියාද ගිය සියවස දෙවැනි දශකයේ උපන්නෙකි. එම දරුවන් 9 දෙනාට දරුවන් සිටින්නේ 11 කි සමහරු අවිවාහකය. දෙමුණුබුරන් 3 කි. අම්මාගේ පවුලේ 5 දෙනා ඊලඟ පරම්පරාවේ 11 ක් වී ඊලඟ පරම්පරාවේ 15 ක් වී ඇත. මේ මම හොදින් දන්නා පෞද්ගලික දත්තවේ. විවාහ වලින් සම්බන්ධ වූ පවුල් වලද අවිවාහකයන් සැලකිය යුතු තරම් ය. මෙම දත්ත දෙස බලන විට උපත් පාලනයට හසු වූ පරම්පරාවේ දරු සංඛ්‍යාවකට සමාන දරුවන් ප්‍රමානයක් ඔවුන්ගේ දරුවන්ටද ඇත.
ඒ කියන්නේ උපත් පාලනයට ගොදුරු වූ පරම්පරාවේ දරුවන් 10 දෙනා 10ක්, 15ක් අතර ගනනක් හදයි. ඔවුන් මෙසේ හදන්නේ තවත් 10 දෙනෙක් සමගය. ඒ නිසා වැඩිවීමක් සිදු නොවේ. 20 ක් හැදුවත් තත්වය එසේය. අවීවාහකත්වය හා මියයාම් නිසා මෙය තවත් අඩුවේ 1940, 1950, 1960 දශකවල ඊනියා සැලසුම් නොකළ පවුල්වල සිටි දරුවන් මියයන්නට පටන් ගත් විට ජනගහනය දැනට වඩා අඩුවන්නට පටන්ගනු ඇත. එනම් දැන් පීක් එකට පැමිණ ඇති ජනගහනය ඉන් පසු කඩා වැටේ. එවිට ජන කොටස් වල ප්‍රතිශත පැහැදිලිව වෙනස් වනු ඇත. තවත් දෙයක් නම් 1980 දශකයේ උපත් පාලන ප්‍රචාර තදින් කළ වකවානුවේ දරුවන් සෑදූ පවුල් 20 කටම ඇත්තේ එක් දරුවා බැගිනි. මේ සියල්ලෝම 1980 දශකයේ උපන් අයයි. අපේ ගමෙන් ඇතැම් වාසගම් තුරන් වීමේ අවදානමක්ද ඇත. උපත්පාලන වැඩසටහන් හා කාන්තාවිමුක්තිවාදය ඇතිවුනේ 1980 දශකයේය.
මේ ව්‍යාපාරවල ඉහල තනතුරු දරමින් ඒවා මෙහෙයවූවේ කතෝලික හෝ ක්‍රිස්තියානි අය බවද නිරීක්ෂනය කළ හැකි විය. මට එය කෙසේ වුනාදැයි නොතේරේ.

No comments:
Post a Comment